Home » Labor Welfare » Recreation Programs for Sri Lankan Workers

Labor Welfare

Recreation Programs for Sri Lankan Workers

Welfare/ Recreation Programs for Sri Lankan Workers

 


 

විගමණික සේවකයින් සදහා සුභසාධන කටයුතු

 

ලෙබනන් රට තුළදී :

  • ආගමික වැඩ සටහන් සංවිධානය
  • ක්‍රීඩා උත්සව
  • ජාතික උත්සව
  • දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය

 

කාර්යාංශ ලියාපදිංචිය ලබා ඇති ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිය විසින් සුභසාධන ප්‍රතිලාභ:

  • පෙර විගමණික ණය ලබාදීමේ සම්බන්ධීකරණය - රු. 50000/- දක්වා අඩු පොළී මත ණය ලබාදීම

  • නිවාස ණය ලබාදීම - මහජන බැංකුව මගින් රු. 250000/- ක්ද ලංකා බැංකුව මගින් රු. 300000/-ක්ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් රු. 300000/- ක්ද රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව මගින් රු.500000/- ක්ද ලබාදේ.(මෙම ණය මුදල් ලබා

  • විගමණික සේවක මහත්ම මහත්මීන්ගේ දරැවන්හට ශිෂ්‍යත්ව ලබාදීම

පහ වසර ශීෂ්‍යත්ව විභාගය සමත්වීම - රු.15000/-
අ.පො.ස. (සා/පෙ) (ගණිතය,ආගම,භාෂාව සදහා සම්මාන ලබා තිබීම) - රු. 20000/-
විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල සදහා සුදුසුකම් ලැබු - රු.30000/-
  • විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් සදහා දරුදිරිය දීප ව්‍යාප්ත තරග තුළින් දරුවන් දිරිගැන්වීම

  • ආර්ථික අපහසුතා ඇති දරුවන් හට පාසැල් උපකරණ, ක්‍රීඩා උපකරණ ලබාදීම

  • විදේශ රැකියාවේ නිරතව සිටියදී සිදුවන අනතුරක් නිසා හෝ වදහිංසා නිසා හෝ රෝගී බව නිසා නැවත පැමිණිමට සිදුවීම මත ආපසු පැමිණීමේ ප්‍රවේශ පත්‍රය සදහා වු සත්‍ය වියදම් හා ලංකාවට පැමිණීමෙන් පසු ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර සදහා රු.25000/- උපරිමයකට යටත්ව මුදල් ගෙවීම

  • හාම්පුතාගේ හෝ පවුලේ අයකුගේ ලිංගික අතවරයකට ලක්වීම හේතුවෙන් සිදුවන ගැබ් ගැනීමකදී ආපසු පැමිණීමේ ප්‍රවේශ පත සදහා වු සත්‍ය වියදම් හා ලංකාවට පැමිණීමෙන් පසු ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර සදහා රු. 25000/- උපරිමයකට යටත්ව මුදල් ගෙවීම

  • විදේශ රැකියාවේ යෙදෙමින් සිටියදී මරණයට පත්වීම භාරකරුවන් සදහා වන්දි මුදල රු. 400000/- උපරිමයකට යටත්ව

  • විදේශ රැකියාවේ යෙදෙමින් සිටියදී සිදුවන තදබල අසනීප තත්වය ලංකාවට පැමිණීමෙන් අනතුරුව එම රෝගී තත්වය හෝ අනතුර හේතුවෙන් මාස 03ක් ඇතුලත ශ්‍රී ලංකාවේදී මරණය සිදුවුවහොත් ආපසු පැමිණීමේ ගුවන් ටිකට් පතෙහි සත්‍ය වියදම් හා රු. 200000/-

  • විදේශ රැකියාවේ යෙදෙමින් සිටියදී හදිසි අනතුරකින් පුර්ණ අබාධිත තත්වයට පත්වීම නිසා ආපසු පැමිණිම සහ පැමිණීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා දරණ ලද වියදම් ( ආබාධිත බව සම්බන්ධව ලබාදෙනු ලබන වෛද්‍ය වාර්තා මත පදනම් වු වන්දි මුදලක් ලබාදීම (උපරිම වන්දි මුදල රු.200000.00,‌වෙද්‍ය ප්‍රතිකාර සදහා රු.50000.00 උපරිම මුදලක්)

මෙම ප්‍රතිලාභ ලබාගැනීම සදහා ඔබ බලාපොරොත්තු වන්නේ නම් වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවියට www.slbfe.lk පිවිසෙන්න. එසේම කාර්යාංශයේ සුභසාධන අංශයෙන්ද තොරතුරැ ලබාගත හැක.

 

සේවය අවසන් කර මව් රටට ගිය පසු:

  • කටුනායක ගුවන් තොටුපොළේ සිටින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් ඔබට පහත සදහන් සේවා ඇතුලු සේවා රාශියක් ඉටු කිරීමට සුදානම්ව සිටිති.

නැවත නිවෙස් බලායාමට මුදල් ලබාදීම
තාවකාලික නවාතැනේ ආහාර සහ ඉදුම් හිටුම් සැපයීම (සහන පියස- කටුනායක)
  • ඔබ පහත සදහන් දේද මතක තබා ගත යුතුය
ගුවන් තොටුපොළේ ලියාපදිංචි වී ඇති කැබ් රථ පමණක් භාවිතා කරන්න
අතරමැදියන් / කැරැව්කරුවන්ගේ උදව් ලබා නොගන්න
  • පහත සදහන් හේතු නිසා ඔබ ගිවිසුම සම්පුර්ණ නොකර නැවත පැමිණ ඇතිනම් ග්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයේ සහයෝගය ලබාගත හැක
රෝගාතුර වීම
හදිසි අනතුරකට ලක්වීම
ආබාධිත වීම
හිරිහැර කිරීම් වලට හෝ අපචාර වලට ලක්වීම
 
ගිවිසුම් කාලය සම්පුර්ණ කර නැවත ශ්‍රී ලංකාවට නොපැමිණ එම රටෙහිම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අදහසක් ඔබට ඇතිනම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභ සාධන අංශයේ සහයෝගය / ණය සහන ආදිය ලබාගත හැක

 

මේ පිළිබදව ඔබ විශේෂයෙන් දැනුවත් විය යුතුයි

විදේශයකදී මරණයක් සිදුවු විට කළ යුතු දේ:

අවාසනාවන්ත ලෙස විදෙස් ගතව සිටියදී ශ්‍රමිකයෙක් මිය ගියහොත් කලින් තීරණය කරන ලද රක්ෂණ ඔප්පුවට අනුව හිමිකරු හෝ ළගම ඥාතියා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වන්දි ඉල්ලා අයදුම් කළ හැක.

මේ සදහා පහත ක්‍රියා මාර්ගයන් අනුගමනය කළ හැක.

මරණයට පත්වු පුද්ගලයාගේ පවුලේ අය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා මළ සිරුර ගෙන්වා ගැනීමට ලියකියවිලි ලබාගත යුතුය.

මළ සිරුර ගෙන්වා ගත් පසු, විදේශ සම්බන්ධතා අංශයට ඒ බව දන්වා අවමංගල්‍ය සදහා රු.10000/- ක වන්දි මුදලක් පහත ලියකියවිලි භාරදීමෙන් ලබාගත හැක.

  • විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මරණය සනාථ කිරීමට ලබාදෙන ලියකියවිලි
  • හිමිකරු සහ මියගිය පුද්ගලයාගේ ඥාතීන් සම්බන්ධතාව තහවුරු කිරීමට ලියකියවිලි
  • ග්‍රාම සේවක සහතිකය
  • අවමංගල්‍ය කටයුතු අවසන් කිරීමෙන් පසු, හිමිකරු විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභ සාධන අංශයෙන් වන්දි ඉල්ලා අයදුම් කළ හැක

 

මෙම හිමිකම් පවරනු ලබන්නේ මෙසේය:

මියගිය පුද්ගලයා පිළිබද වන්දි හිමිකම් ලබන්නේ
මියගිය පුද්ගලයා විවාහක නම් බිරිද හා දරුවන් අතර
මියගිය පුද්ගලයා විවාහක වුවත් දරුවන් නොමැති නම් බිරිද හා මියගිය පුද්ගලයාගේ දෙමාපියන්
මිය ගිය පුද්ගලයා විවාහ වී නොමැති නම් මියගිය පුද්ගලයාගේ දෙමාපියන්
මිය ගිය පුද්ගලයා විවාහ නොවී මව හෝ පියා ජීවත්ව සිටියි නම් ජීවත්ව සිටින මව හෝ පියා සහෝදර සහෝදරියන්
මිය ගිය පුද්ගලයා විවාහ නොවී මව හෝ පියා ජීවත්ව නොසිටියි නම් සහෝදර සහෝදරියෝ

 

නමුත් සියලුම ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසු වන්දියේ හිමිකරු තීරණය කරනු ලබන්නේ සුභසාධන දෙපාර්තමේන්තුව මගිනි. මෙසේ වන්දියේ හිමිකරු වන්නේ නීත්‍යානුකුල හිමිකරුවන් වන අතර නම් කරන ලද්දවුන් හෝ යැපෙන්නන් වු පමණින් මෙම මුදල දෙනු නොලැබේ. විවාහ වු සහෝදර සහෝදරියන්ට මෙම වන්දි මුදල සදහා අයදුම් කළ නොහැක.

 

 

« Back